ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය වසා දමයි

වසර 66කට පසු වසා දමන අමෙරිකාවේ ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය..

by Staff writer 02-01-2026 | 10:23 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පුස්තකාලය වසර 66කට පසුව අද (02) වසා දමයි.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් අරමුදල් කප්පාදු කිරීමත් සමග ඇතිවී ඇති සීමාවන් හේතුවෙන් වේ.

ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන එම පුස්තකාලය නාසා ආයතනය සතු විශාලතම පර්යේෂණ පුස්තකාලය බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇතුළු නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් දියත් කිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන්ද අදාළ පුස්තකාලය දායක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2026 වසරේ මාර්තු මාසය වන විට ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිලි 13 ක් සහ විද්‍යාගාර 100 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටත් නියමිත වේ.