සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිදුවූ අපූරු ගෞරව ක

Bondi වෙරළේ ඛේදවාචකයේදී වීරත්වයෙන් ක්‍රියාකළ පිරිසට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ජාතික මට්ටමේ ගෞරවයක්!

by Staff writer 04-01-2026 | 10:43 AM

COLOMBO (News 1st) - මුළු ඕස්ට්‍රේලියාවම කම්පනයට පත් කළ Bondi වෙරළේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී, ජීවිත අවදානම නොතකා මනුෂ්‍යත්වය රැක ගත් වීරයන්ට මෙම ජනතා ගෞරවය පැවැත්විණි.

එම ගෞරව දැක්වීම සිදු වුණේ, ඕස්ට්‍රේලියාව - එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ආරම්භ වීමට පෙර, දහස් ගණනක් නරඹන්නන් එක්ව සිටි සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ක්‍රීඩාංගණය පුරා හඬ නැගූ අත්පොළොස් මැද එම වීරයන්ට ජාතික මට්ටමේ ගෞරවයක් ලබාදීම සිදුවුණි.

මෙහිදී විශේෂයෙන්ම ගෞරවයට ලක් වුණේ, තම දිවිය පරදුවට තබමින් ප්‍රහාරකයෙකු මෙල්ල කර ජීවිත බේරාගත් Ahmed al-Ahmed සහ, වෙඩි ප්‍රහාර මැදින් ළමුන් දෙදෙනෙකු ආරක්ෂිතව ඉවත් කළ 14 හැවිරිදි Chaya Dadon යන අයයි. ඔවුන් සමඟ, එදින සිදුවීමේදී තුවාල ලැබූවන්ට සහය වීමට ඉදිරියට පැමිණි හදිසි සේවා නිලධාරීන් 12 දෙනෙකු ද ගෞරවයට ලක්වුණේ ය.

ඊට අමතරව, එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 15 දෙනා සිහිපත් කරමින්, ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් වීඩියෝවක් ක්‍රීඩාංගණයේ විශාල තිරවල ප්‍රදර්ශනය කළ අතර එය නරඹන්නන්ගේ ඇස් කදුළු ගෙන ආ අතිශය සංවේදී මොහොතක් බවට පත්වුණි.

මෙම අවස්ථාව, භීතියට මැදිවූ රටක එකමුතුකම, ධෛර්යය සහ මනුෂ්‍යත්වය ඉස්මතු කළ සංකේතාත්මක සිදුවීමක් ලෙස ඕස්ට්‍රේලියානු ජනතාවගේ මතකයේ දිගු කලක් රැදෙනු ඇත.

වෙනත් ලිපි