වෙනිසියුලාවේ කැරකස් අගනුවර පිපිරීම් මාලාවක්!

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයෙන් වෙනිසියුලාවේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක්!

by Staff writer 03-01-2026 | 1:59 PM

COLOMBO (News 1st) - වෙනිසියුලාවේ අගනුවර වන කැරකාස් හි ප්‍රහාර මාලාවක් සිදුව තිබේ.

BBC ඇතුළු ජාත්‍යන්තර වාර්තා කරන්නේ හමුදා ඉලක්ක ඇතුළු ස්ථාන කිහිපයක එම පිපිරීම් වාර්තා වන බවය.

නගර මධ්‍යයේ පිහිටි හමුදා ගුවන්තොටුපළක් වන ලා කාලෝටා සහ ෆුවර්ටේ ටියුනා හි ප්‍රධාන හමුදා කඳවුරු වෙත එම ප්‍රහාර එල්ල වී තිබේ.

එම පිපිරීම් ගුවන් ප්‍රහාර හේතුවන් සිදුව ඇති බවත් ඒවා පිළිබඳ තමන් දැනුවත් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලන නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් වෙනිසුවෙලාව තුළ හමුදා පහසුකම් ඇතුළු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇතැයි BBCය වාර්තා කළේ ය.

මේ වන විට වෙනිසුවෙලානු රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

කැරකාස්හි විදුලිය බිඳ වැටීමක් වාර්තා වන බවත් නගරයට ඉහළින් අනන්‍යතාව තහවුරු කළ නොහැකි ගුවන් යානා පියාසර කරමින් ඇති බවත් බීබීසිය පෙන්වා දෙනවා.

වෙනුසුවෙලාවෙන් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා එල්ල කරමින් කැරිබියන් දූපත් වල සිට අමෙරිකාව බලා යාත්‍රා කරන බෝට්ටු සහ නෞකා වෙත අමෙරිකාව පසුගිය මාස කිහිපය පුරා වරින් වර ප්‍රහාර එල්ල කළේ ය.

ඒ හේතුවෙන් අමෙරිකාව සහ වෙනිසියුලාව අතර මත ගැටුම් නිර්මාණය වී තිබූ අතර කැරකාස් වෙත ප්‍රහාර එල්ල වී ඇත්තේ එවන් පසුබිමකය.

වෙනත් ලිපි