.webp)

එම සමාගම පැවසුවේ, පෙර පැවති මිල ගණන් යටතේ මේ මාසයේද ගෑස් අලෙවිය සිදු කරන බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482 ක්.
කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් බව ලිට්රෝ සමාගම පවසයි.
මේ අතර ජනවාරි 02 සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම පියවර ගත්තා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 4250 ක්.
ක්‍රිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65 කින් ඉහළ දැමු අතර එහි නව මිල 1710 ක් බව ලාෆ් සමාගම පසුගිය 2 වැනිදා නිවේදනය කළේ ය.
