ගංවතුර පිළිබද පූර්ව අනතුරු ඇගවීම්.

දිස්ත්‍රික්ක කිහිපයකට ගංවතුර පිළිබද පූර්ව අනතුරු ඇගවීම්.

by Staff writer 08-01-2026 | 10:09 AM

COLOMBO(News1st) - අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්ක වල පිහිටි ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් වල පිහිටි ගංගා ද්‍රෝණි වලට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කිරීම හේතුවෙන් ය.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල පිහිටි ගංඟා නිම්න ආශ්‍රිත පහත් බිමිවල හා ගංඟා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර දිවයිනේ ජලාශ 35 ක් මේ වන විට වාන් දමමින් පවතියි.

ඒ අතර යාන් ඔය, වාහල්කඩ වැව, රාජාංගනය, කලා වැව, මාන්නක්කට්ටිය වැව, සේනානායක සම්ද්‍රය, සොරබොර වැව ඇතුලු ජලාශ ඊට ඇතුළත් වේ.