.webp)

COLOMBO (News 1st) - පසුගිය පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුම යටතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 459ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා සිදුකළ වැටලීම් 308 කදීය.
එහිදී වැටලීම් 260 කදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය, ග්‍රෑම් 385ක්.
ගංජා ග්‍රෑම් 499 ක් හා ගංජා පැළ 4358 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.
ඒ පොලිස් මෙහෙයුම් 186 කදීය.
කුෂ් ග්‍රෑම් 4 ක්, හෂීෂ් ග්‍රෑම් 26 ක්, මත්පෙති 3376 ක්, මදනමෝදක කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 954 ක් සහ මාවා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 992 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ පොලිස් මෙහෙයුම් 72 කදීය.
