.webp)

COLOMBO (News 1st) - මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් දිවයිනෙන් බැහැරට ගමන් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට සිදුවන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.
කෙසේ වෙතත්, උතුරු, උතුරු මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
මේ අතර කොළඹ සිට පුත්තලම, මන්නාරම, කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.
