පහරදීමකින් බගවන්තලාව පොලිස් නිලධාරීයෙකුට තුවාල

තියුණු ආයුධයකින් පහර දීමෙන් බගවන්තලාව පොලිස් නිලධාරීයෙකුට තුවාල

by Staff writer 07-02-2026 | 3:14 PM

COLOMBO (News 1st) - තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ බගවන්තලාව පොලීසියට අනියුක්ත නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ

පොලීසිය පැවසුවේ, බගවන්තලාව පොලිසියේ මුර කුටියේ රාජකාරි කළ  නිලධාරීන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි