වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 212ක් පොලිස්භාරයට

මේ වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 212ක් පොලිස් භාරයට..

by Staff writer 07-02-2026 | 3:08 PM

COLOMBO (News 1st) - මේ වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 212 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ජනවාරි පළමුවැනිදා සිට සිදු කළ මෙහෙයුම්වලදි පොලිසිය භාරයට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 209 කි.

ගංජා කිලෝග්‍රෑම් 323 ක් , හෂීස් කිලෝග්‍රෑම් 88 ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 4 ක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිසිය භාරයට ගෙන ඇති නීති විරෝධී මත්පෙති සංඛ්‍යාව ලක්ෂ 7 කි.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් 1818 දුරකතන අංකයට මේ වන විට තොරතුරු 4766 ලැබී ඇතැයි ද පොලිසිය  සඳහන් කළේ ය.