.webp)

නඩුව පවරා ඇත්තේ, ක්‍රිෂ් ගනුදෙනුවෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමිනි.
කොළඹ මහාධිකරණ විනිසුරු, නදී අපර්ණා සුවදුරුගොඩ ඉදිරියේ නඩුව අද කැඳවිය.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන, සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා, පසුගිය වසරේ පෙබරවාරි 5 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේ ය.
ඒ, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ, 2016 වසරේ කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුවයි.
මීට පෙර, නාමල් රාජපක්ෂ නඩුවේ සැකකරුවකු ලෙස නම් කර, අත්අඩංගුවට ගැණිනි.
අනතුරුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු ඇප මත මුදා හැරියේ ය.
