බන්ධනාගාර තදබදය අවම කිරීමට නව නීතියක්...

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන පරිදි නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා - අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

by Staff writer 20-02-2026 | 8:52 AM

COLOMBO(News1st) - බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකිවන නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ(19) ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.