.webp)
-610851.jpg)
COLOMBO (News 1st) - ඉරාන ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එරට මධ්‍යම පළාතේ ඉස්ෆහාන් හි පලතුරු වෙළඳපොළකට කඩා වැටී තිබේ.
අනතුරින් නියමුවා, සහායක නියමුවා සහ වෙළඳුන් දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හෙලිකොප්ටරය කඩා වැටීමත් සමග ඇතිවූ ගින්න හදිසි සේවා අංශ මැදිහත්වීමෙන් පාලනය කර තිබේ.
පසුගිය සතියේ, ද ඉරාන ගුවන් හමුදාවට අයත් F-4 ප්‍රහාරක යානයක් කඩා වැටී, නියමුවා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
