ඉන්දියාවේ ගුවන් ගිලන් රථ අනතුරකින් 7ක් මරුට.

ගිලන් රථයක් ලෙස යොදා ගත් ගුවන් යානයක් ඉන්දියාවේදී කඩා වැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයින් හත් දෙනාම මරුට. - විදෙස් මාධ්‍ය

by Staff writer 24-02-2026 | 10:26 AM

COLOMBO(News1st) - ඉන්දියාවේ ජාර්කන්ද් ප්‍රාන්තයේදී, ගිලන් රථයක් සඳහා භාවිත කළ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයින් 7 දෙනාම මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රී 7.11ට පමණ රන්චි ගුවන් තොටුපළෙන්, දිල්ලි නුවර බලා ගුවන් ගත වූ අදාළ යානය විනාඩි 15කින් පමණ රේඩාර් පද්ධතියෙන් අතුරුදන්වී ඇති බවයි. 

පසුව ඒ ආසන්නයේ ඝන වනාන්තරයකින් ගුවන් යානයේ සුන්බුන් සොයා ගෙන ඇතැයි ඉන්දීය බලධාරීන් පවසයි. 
 

අදාළ ගුවන් යානය යානය භාවිත කර ඇත්තේ, බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට බව විදෙස් වාර්තාවල සඳහන්. 

කෙසේ නමුත් එම තුවලකරුද සමග කුඩා ගුවන් යානය අනතුරට ලක්ව තිබෙනවා.