ප්‍රංශයේ අමෙරිකානු තානාපතිට එරට රජයෙන් තහනමක්

සියළුම අමාත්‍යවරුන් සමඟ සබඳතා පැවැත්වීම වළක්වමින් ප්‍රංශයේ අමෙරිකානු තානාපති චාල්ස් කුෂ්නර්ට එරට රජයෙන් තහනමක්..

by Staff writer 24-02-2026 | 5:59 PM

COLOMBO (News 1st) - ප්‍රංශයේ අමෙරිකානු තානාපති චාල්ස් කුෂ්නර් හට ප්‍රංශයේ රජය තහනමක් පනවා තිබේ.

ඒ ඔහු ප්‍රංශ රජයේ සියළුම අමාත්‍යවරුන් සමඟ සබදතා පැවැත්වීම වළක්වමින්ය.

ප්‍රංශයේ විදේශ අමාත්‍යංශය ඊයේ (23) සවස අමෙරිකානු තානාපතිවරයාට ප්‍රංශ විදෙස් අමාත්‍යවරයා හමුවන්නැයි දැනුම් දී තිබුණද ඔහු ඊට සහභාගී නොවීම අදාළ තීරණයට හේතුවී තිබේ.

චාල්ස් කුෂ්නර්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බෑනා වන ජෙරඩ් කුෂ්නර්ගේ පියා වීම විශේෂත්වයක්.

ඔහුව විදේශ අමාත්‍යංශය හමුවට කැඳවා තිබුනේ ප්‍රංශ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුගේ ඝාතනය පිළිබඳව අමෙරිකාවේ තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ අදහස් දැක්වීමක් පිළිබඳව කරුණු විමසීම සදහාය.