ලෝක රන් මිල පහළ යයි..

ලෝක රන් මිල පහළ යයි, රන් අවුන්සයක මිල ඩොලර් 5,167 දක්වා අඩු වෙයි.

by Staff writer 26-02-2026 | 10:33 AM

COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (26) පෙරවරුවේ රන් අවුන්සයක මිල, සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 5,167ක් ලෙසය.

රන් අවුන්සයක මිල, ඊයේ (25) අමෙරිකානු ඩොලර් 5,212ක් ලෙස සටහන් වුණි.