තෙල් හිඟයක් ඇති වෙන්න කිසිම හේතුවක් නෑ.

තෙල් හිඟයක් ඇති වෙන්න කිසිම හේතුවක් නෑ.. - ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සහතිකයක්

by Staff writer 01-03-2026 | 11:31 AM

COLOMBO (News 1st) - මැදපෙරදිග උද්ගතව ඇති තත්වය හමුවේ මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී ඒ රාජකරුණා සදහන් කළේ, මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ වන විට පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවත් සභාපතිවරයා පැවසුවේ ය.