.webp)

COLOMBO (News 1st) - හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කෙරෙන නෞකා වලට පහර දෙන බවට ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවා ඇති පසුබිමක එම නෞකා ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමෙරිකාව පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කළේ, අදාළ නෞකාවලට රක්ෂණ සේවා ලබාදෙන බවයි..
ඒ අනුව,, ගල්ෆ් කලාපය හරහා ගමන් කරන ඉන්ධන ප්‍රවාහන ඇතුළු සියලුම වෙළෙඳ නෞකෙවලට, සහන මිලක් යටතේ රක්ෂණ සේවා සපයන්නැයි තමන්, අමෙරිකානු සංවර්ධන මූල්‍ය සංස්ථාවට නියෝග කළ බව ට්‍රම්ප් සඳහන් කළේ ය.
අවශ්‍ය නම් අදාළ වෙළඳ නෞකාවලට අමෙරිකානු යුධ නෞකා යොදවා ආරක්ෂාව සපයන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ඔහු අවධාරණය කළේ, කුමන හෝ ආකාරයකින් ලෝකය පුරා අඛණ්ඩව බලශක්ති ප්‍රවාහයක් සිදු වන බවට අමෙරිකාව සහතික වන බවයි.
