.webp)

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මදුෂංක ද සිල්වා හෙවත් පොඩිලැසී නැමැත්තාට අයත් රුපියල් කෝටි 3 ක් පමණ වටිනා පන්නිපිටියේ සුවිසල් නිවසක් සහිත ඉඩමක පරිහරණය අත්හිටුවා තිබේ.
ඒ , නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකින් ය.
පොඩි ලැසී නමැත්තාට 2007 වසරේ සිට සිදුකළ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු 26 ක් මේ වන විට විභාග වෙමින් පවතියි.
ඒ අතරට මනුෂ්‍ය ඝාතන සිද්ධි 5 ක්, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා බරපතල තුවාල සිදු කිරීම් සම්බන්ධ නඩු 13 ක් මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ වලට සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩු 8 ක් ඇතුළත් ය.
2015 වසරේ දී රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොඩි ලැසී 2024 දෙසැම්බර් 09 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරේ.
