පොඩි ලැසී ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ්..

පොඩි ලැසී ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ්..

by Staff writer 05-03-2026 | 5:39 PM

COLOMBO (News 1st) - රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ නියෝග මග හැර නීති විරෝධීව පලාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් පොඩි ලැසී පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් දිවයිනට රැගෙන එනු ලැබුවේ ය.

ඉන් පසු ඔහු භාර දුන්නේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයටයි.

එහිදී රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කෙරිණ.