.webp)

COLOMBO (News 1st) - ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650 ක් වටිනා බෝම්බ 20,000 කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.
ඒ, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයකින් තොරවයි.
මැදපෙරදිග තත්වය මත හදිසි අවශ්‍යතාවක් සේ සළකා ඊට අනුමැතිය දුන් බව, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ ය.
ඊශ්‍රායලය ඉදිරියේදී සෘජු වාණිජ ගනුදෙනුවක් හරහා තවත් ඩොලර් මිලියන 298 ක් වටිනා යුධෝපකරණ මිලදී ගැනීමට නියමිතයි.
2024 දෙසැම්බර් මාසයේදී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ඊශ්‍රායලය, ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාර සඳහා මෙවැනිම බර අවි භාවිතා කර ඇතැයි අනාවරණය වී තිබේ.
