රියාද් හා ඩුබායි වෙත යළි ගුවන් ගමන් ඇරඹේ!

රියාද් හා ඩුබායි වෙත යළි ගුවන් ගමන් ඇරඹේ!

by Staff writer 09-03-2026 | 5:15 PM

COLOMBO(News1st) -  සෞදි අරාබියේ රියාද් හා ඩුබායි වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඒ අනුව රියාද් වෙත දෛනික ගුවන් ගමන්වාර අද (09) රාත්‍රියේ සිට ආරම්භ කෙරෙනු ඇත.

හෙට (10) සිට ඩුබායි දක්වා දෛනික ගුවන් ගමන්වාර ආරම්භ කෙරේ.

මැදපෙරදිග තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින්, මගීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේද ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව,

UL 265 කොළඹ සිට රියාද් දක්වා
UL 266 රියාද් සිට කොළම දක්වා 
UL 231 කොළඹ සිට ඩුබායි දක්වා සහ 
UL 232 ඩුබායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් අරඹනු ඇති.

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙරට තුළදී 1979 කෙටි දුරකථන අංකය හෝ ජාත්‍යන්තරයේ සිට +94 11 777 1979 යන දුරකථන අංකය ඇමතිය හැකියි.

එමෙන්ම +94 74 444 1979 යන දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් මගින්ද තොරතුරු විමසීමේ හැකියාව පවතී.

www.srilankan.com යන වෙබ් අඩවියෙන්ද ගුවන් ගමන්වලට අදාළ තොරතුරු පරීක්ෂා කළ හැකියි.