.webp)
-611791.jpg)
COLOMBO (News 1st) - බංගලාදේශයේ සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල අද (09) සිට වසා තැබෙන බව එරට බලධාරීන් පවසයි.
ඒ එරට විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය කිරීමේ හදිසි පියවරක් ලෙසිනි.
එරට විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑම වෙනුවෙන් දෛනිකව විශාල විදුලිය ප්‍රමාණයක් වැය වන බවත් විශ්ව විද්‍යාල අවට ඇතිවන මාර්ග තදබදය හේතුවෙන් ඉන්ධන නාස්ති වන බවත් බංගලාදේශ බලධාරීන් පෙන්වා දෙනු ලබයි.
මේ හේතුවෙන් "ඊද් අල්-ෆිතර්" හෙවත් රාමදාන් උත්සවය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන්ට කලින්ම නිවාඩු ලබාදී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
එරට පෞද්ගලික පාසැල්ද මේ වන විට වසා දමා ඇත.
බංගලාදේශය එරට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 95ක්ම සඳහා ආනයන මත යැපෙන පසුබිමක ඇතැම් පුද්ගලයින් කූට ලෙස ඉන්ධන තොග ගබඩා කරගැනීම ආරම්භ කර තිබුණි.
පසුගිය දිනවල ඇතිවූ ඉන්ධන පෝලීම් හේතුවෙන් මේ වන විට බංගලාදේශ රජය ඉන්ධන නිකුත් කිරීම සඳහා දෛනික සීමාවන්ද පනවා තිබේ.
