කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

by Staff writer 09-03-2026 | 4:46 PM

COLOMBO(News1st) - සබරගමුව පළාතේත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, හා වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.