ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට.

ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට.

by Staff writer 10-03-2026 | 6:34 AM

COLOMBO(News1st) - ඉන්ධන මිල ඊයේ(09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක ඉහළ දමා ඇත්තේ රුපියල් 25කින්.

එහි නව මිල රුපියල් 365ක් වේ.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303 ක්.

ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353ක්.

භූමිතෙල් මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195ක් ලෙස දැක්වුණ.