.webp)

1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත ඊයේ(08) මධ්‍යම රාත්‍රියෙන් අවලංගු විය.
ඒ අනුව අද(09) සිට වසර 50 කට වැඩි කාලයක් විදුලි ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම යන සියලු අංශවල වගකීම පැවැරුණු එකම ආයතනය වු ලංකා විදුලි බලමණ්ඩලය වෙනුවට නව සමාගම් 6 ක් ක්‍රියාත්මකයි!
දශක ගණනාවක සිට විශාල ණය බරක් දැරූ ලංකා විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ගැටලු මතු විය.
හදිසි විදුලි මිලදී ගැනීම්, ප්‍රසම්පාදන ක්රියාවළියේ විනිවිදභාවය සම්බන්ධ ගැටලු ඉන් ප්‍රධානයි.
අවසානයේ 2022 - 23 ආර්ථික අර්බුදයේදී විදුලි බල මණ්ඩලයේ පීඩනය ද ජනතාවට දැරීමට සිදුවිය.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පසුගිය කාලේ පැවැති සියලු රජයන් උත්සාහ කළද විවිධ ගැටලු මත ඒවා සාර්ථක වුයේ නැහැ.
නමුත් නව නීති සම්පාදනයත් සමග අද(09) සිට මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වන අතර විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති පාලනය සමාගම් 6කට පැවරේ.
විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම,
ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම,
ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම,
විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම,
සේවක අරමුදල (පුද්ගලික) සමාගම
එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම
