විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්..

මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා සඳහා සහන සැලසීමට තානාපති කාර්යාලවලට මූල්‍ය ප්‍රතිපාදන..

by Staff writer 11-03-2026 | 8:18 AM

COLOMBO (News 1st) - මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එම කලාපයේ රටවල සිටින ශ්‍රී ලාංකකියින්ට හදිසි පහසුකම් සැපයීමට තානාපති කාර්යාලවලට මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි සභාපති කෝෂල වික්‍රමසිංහ නිවුස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ, මැදපෙරදිග රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම අඛණ්ඩව සිදුවන බවයි.