වහාම සේවයට වාර්තා කරන්න

වහාම සේවයට වාර්තා කරන්න..-වර්ජනයේ නිරත සේවකයින්ට විදුලි සමාගම් හතරෙහි සභාපතිවරුන් දැනුම්දෙයි!

by Staff writer 11-03-2026 | 11:13 AM

COLOMBO (News 1st) - 

වහාම සේවයට වාර්තා කරන්නැයි වර්ජනයේ නිරත සේවකයින්ට විදුලි සමාගම් හතරෙහි සභාපතිවරුන් දැනුම් දී තිබේ.

ඒ සේවකයින් වෙත ලිපි යොමු කරමින් ය.

එම ලිපිවල දැක්වෙන්නේ 2024 අංක 36 දරණ ශ්‍රි ලංකා විදුලිබල සංශෝධිත පනත ප්‍රකාරව පසුගිය 09 වැනිදා සිට විදුලිබල මණ්ඩලයේ සියලු සේවාවන් අනුපාප්තික සමාගම් 4 කට පවරා ඇති බවයි.

සේවකයින්ද එම අනුප්‍රාප්තික සමාගම්වලට මේ වනවිට අනියුක්ත කර තිබේ.

විදුලිය මේ වනවිට අත්‍යවශ්‍ය සේවවක් බවටද පත් කර ඇති බව පෙන්වා දෙන සමාගම් 4 සභාපතිවරුන් එවැනි තත්වයක් යටතේ රාජකාරි පැහැර හරින සේවකයින් අත්‍යවශ්‍ය රෙගුලාසි යටතේ බරපතල වරදක් සිදු කරන බවයි.

ඒ අනුව විදුලි සේවාව තුළ තමන්ට පැවරී ඇති රාජකාරිවල නියුක්ත වන ලෙස විදුලි සමාගම් 4 හි සභාපතිවරුන් සේවකයින්ට දැනුම් දෙයි.