අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී අනතුරට ලක්වෙයි

අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී අනතුරට ලක්වෙයි

by Staff writer 13-03-2026 | 8:14 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ගුවන් යානයක් ඉරාකයේදී අනතුරට ලක් වී තිබේ.

අමෙරිකානු හමුදාවට අයත් "KC - 135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක්" එලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ නමුත් ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව කිසිදු රටකින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බව අමෙරිකානු මධ්‍යම විධානය අවධාරණය කරන ලදි.

තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීමට යාමේදී අනතුර සිදුව ඇති බවට විදෙස් වාර්තා සැක පළ කරන අතර, අමෙරිකානු බලධාරීන් පවසන්නේ සිදුවීමට සම්බන්ධ දෙවැනි ගුවන් යානය ආරක්ෂිතව ගොඩබා ඇති බවය.

යුද්ධය ආරම්භයේදී කුවේට් රාජ්‍යයය අත්වැරදීමකින් එල්ල කල ප්‍රහාරවලින් අමෙරිකාවේ F-15E , ස්ට්‍රයික් ඊගල් වර්ගයේ ගුවන් යානා 3ක් විනාශ වුණේ ය.

ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කළ යුද්ධයෙන් මේ වන විට අමෙරිකානු හමුදා භටයින් 7 දෙනෙකු මියගොස් ඇත.

තුවාල ලැබූ සංඛ්‍යාව 140කට අධිකය.

මේ අතර අමෙරිකාවේ USS ජෙරල්ඩ් ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්නකින් නාවිකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ එම ගින්නද කිසිදු සතුරු ප්‍රහාරයක සම්බන්ධ නොමැති බවය.