අමෙරිකානු ගුවන්යානා අනතුරේ වගකීම ඉරාකය භාරගනී..

අමෙරිකානු ගුවන් යානා අනතුරේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනියි..- අල්ජසීරා පුවත් සේවය -

by Staff writer 13-03-2026 | 10:36 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ගුවන් යානා අනතුරේ වගකීම "ඉරාක සන්නද්ධ කණ්ඩායමක්" භාරගෙන ඇතැයි අල්ජසීරා පුවත් සේවය පවසයි.

ඉස්ලාමීය ප්‍රතිරෝධීන් නමැති ඉරාක කණ්ඩායමක් ටෙලිග්‍රෑම් ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේ ය.

කෙසේ නමුත් අමෙරිකානු බලධාරීන් එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් පවසන්නේ කිසිදු ආකාරය ප්‍රහාරයක් ගුවන් යානය ඉලක්ක කරගනිමින් එල්ල නොවූ බවය.

අමෙරිකානු හමුදාවට අයත් "KC - වන් තර්ටි ෆයිව් වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක්" අනතුරට ලක්වූ බව අද අළුයම අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ ය.

තවත් ගුවන් යානයකට ඉන්ධන පිරවීමට යාමේදී අනතුර සිදුව ඇති බවට විදෙස් වාර්තා සැක පළ කරන අතර, අමෙරිකානු බලධාරීන් පවසන්නේ සිදුවීමට සම්බන්ධ දෙවැනි ගුවන් යානය ආරක්ෂිතව ගොඩබා ඇති බවය.