.webp)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ එම නෞකාවේ පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම අඩංගු බවයි.
ඊට අමතරව මෙම මාසය තුළ තවත් ඉන්ධන නෞකා 3 ක් මෙරටට පැමිණීමට නියමිතයි.
ඒ අනුව අප්‍රේල් මස අග දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇතැයි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය.
සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ , එම ඉන්ධන තොග, ගොඩබාන අවස්ථාවේ මිල ගණන් අනුව ලබා ගන්නා බවයි.
අදාළ සියළු නෞකා පැමිණෙන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ය.
