ඉරානයෙන් අමෙරිකාවට ප්‍රභල අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් අමෙරිකාවට ප්‍රභල අනතුරු ඇඟවීමක්

by Staff writer 14-03-2026 | 11:16 AM

COLOMBO(News1st) - ඉරානය විසින් අමෙරිකාව වෙත ප්‍රභල අනතුරු ඇඟවීමක් අද(14) නිකුත් කළේ ය.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කාග් දූපතට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.

ඉරානය ප්‍රකාශ කළේ, ඉරානයේ තෙල් හෝ බලශක්ති යටිතල පහසුකම්වලට  ප්‍රහාරයක් එල්ල වුවහොත්, අමෙරිකානු  සහයෝගයෙන් කටයුතු කරන මැදපෙරදිග කලාපයේම ඇති  සියලුම තෙල් සමාගම්වල ප්‍රහාර එල්ල කරන බවයි.

එමෙන්ම එම  ගැටුම අඛන්ඩව පැවතුනහොත්  ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 200 සීමාව ඉක්මවා යා හැකි බවට ද ඉරානය ප්‍රකාශ කළේ ය.