රිය අනතුරුවලින් 3 දෙනෙකු මරුට.

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 3 දෙනෙකු මරුට

by Staff writer 14-03-2026 | 11:11 AM

COLOMBO(News1st) - ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, මාතර හක්මන මාර්ගයේ තුඩාව ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන්  කාන්තාවක් මියගොස් ඇති බවයි.

ඇයගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලීසිය පැවසුවේ, අනතුරට සම්බන්ධ ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.

හලාවත  - කොළඹ ප්‍රධාන මාර්ගයේ හලාවත සුසාන භූමිය ඉදිරිපිටදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී 60 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, එක් යතුරුපැදියක, පැදිකාරියක් විසිවී ගොස් ප්‍රථිවිරුද්ධ දෙසින් ධාවනය වූ ලොරි රථයකට යටවීමෙන් අනතුරක් සිදුව ඇති බවයි.

මේ අතර මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මහදූව මාවතට හැරෙන හන්දියේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලොතරැයි අලෙවි කුටියක ගැටීමෙන්,  ලොතරැයි අලෙවිකරු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ,  80 හැවිරිදි තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.