.webp)
-612220.jpg)
COLOMBO (News 1st) - ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහුට අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.
තම සන්නද්ධ හමුදා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතෙන්යාහු කෙසේ හෝ ඝාතනය කරන බව ඔවුන් පැවසුවේ ය.
බෙන්ජමින් නෙතෙන්යාහු යනු ළමා ඝාතකයකු බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසුවේ ය.
ඉරානයේ හිටපු නායකයන් සහ හමුදා ප්‍රධානීන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් එම ප්‍රකාශය නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.
මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට තොරතුරු සැපයූ පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉරානයේ හමුදා සහ ආරක්ෂක මධ්‍යස්ථාන පිහිටි ස්ථාන පිළිබඳ ඊශ්‍රායලය වෙත තොරතුරු සැපයීම යන චෝදනාව යටතේය.
