පැය 24ක් තුළ ඊශ්‍රායලයේ 100කට වැඩි පිරිසකට තුවාල

ගෙවුණු පැය 24 තුළ එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ 100 කට වැඩි පිරිසකට තුවාල..

by Staff writer 15-03-2026 | 5:43 PM

COLOMBO (News 1st) - ගෙවුණු පැය 24 තුළ එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 108 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඉන් 96 දෙනෙකුගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරානය සමග ගැටුම් ආරම්භයේ සිට ඊශ්‍රායලයේ පුද්ගලයින්, 3,195 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගොස් ඇති පුද්ගලයින් ගණන දහසකට අධිකය.