බදාදාට මොකද වෙන්නේ?

බදාදාට මොකද වෙන්නේ?

by Staff writer 17-03-2026 | 11:41 AM

COLOMBO(News1st) - බදාදා, රජයේ නිවාඩු දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පෙර පාසල් සඳහා නිවාඩු ලබාදී ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන්නේ, බදාදා දිනයේ සියලු උපකාරක පංති පැවැත්වීමෙන්ද වළකින ලෙසයි.

මේ අතර සෑම බදාදාම රාජ්‍ය ආයතන සඳහා නිවාඩු දිනයක් බවට පත්කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුගත වෙමින් කටයුතු කරන්නැයි, දිවයින පුරා ක්‍රියාත්මක සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උපකුලපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ විවිශ්වවිද්‍යාලවල සිදුකෙරෙන දේශන Online ක්‍රමයට සිදු කිරිමට පියවර ගන්නා ලෙසයි..

ඊයේධ(16) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව එම කොමිසමේ උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේය.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැදී සිටින සිසුන් එහිම රඳවා අධ්‍යයන කටයුතු සිදු කිරීමටත් මෙහිදි තීරණය වී තිබේ.

සිසුන්ට නිවාඩු ලබාදී ඔවුන් නිවෙස් වෙත යෑවීම ඒ ඒ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට තීරණය කළ හැකි බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.