.webp)
-612370.jpg)
බුද්ධශාසන ,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එය ජොතිර්වේදීන් සමග පැවැති සාකච්ඡාවේදී ඇති කර ගත් එකඟතාවන් මත අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත්කළ බවයි.
පුණ්‍ය කාලය උදාවන්නේ අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපර භාග 03.56 දක්වායි.
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 09.32 ට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබේ.
ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51යි.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා, ලිප් බැඳ ගිනි මොළවා කිරිබත්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම සිදුකළ යුතු බව සඳහන්.
වැඩ ඇල්ලීම, ගනුදෙනුකිරීම සහ ආහාර අනුභව නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ටයි.
රක්ත වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්.
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 15 වන බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබෙනවා.
රැකීරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 6.27ටයි.
