.webp)

ඒ, නීත්‍යානුකූල නොවන ආකාරයට නිවාස ලබාදීමේ සිද්ධියක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළවයි.
නිවාස සංකීර්ණයක නිවාස ගණනාවක් නීත්‍යානුකූල නොවන ආකාරයට කිහිප දෙනෙකුට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කොමිෂන් සභාව හමුවේ පෙබරවාරි 13 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.
නමුත් ඔහු ලිඛිතව දැනුම් දී තිබුණේ, තමන් සිංගප්පුරුවේ සංචාරයකට යාමට කල් තියා සූදානම්ව සිටින නිසා වෙනත් දිනයක් ඒ සඳහා ලබාදෙන ලෙසයි.
ඒ අනුව, අල්ලස් කොමිසම හමුවේ අද ප්‍රකාශ ලබාදුන් හිටපු ජනාධිපතිවරයා පැය කිහිපයකට පසුව ඉන් පිටව ගොස් තිබේ.
