ප්‍රදේශ රැසකට අද තද වැසි සමග ප්‍රබල අකුණු...

සබරගමුව පළාතට සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 23-03-2026 | 3:32 PM

COLOMBO (News 1st) - සබරගමුව පළාතට සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ,  අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිට, වහාම ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත්,  කුඹුරු, වතු, ක්‍රීඩා පිටි සහ වැව්/ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වලකින ලෙසත් කාලගුණ විදයා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

රැහැන් සහිත දුරකතන  සහ විදුලි උපකරණ භාවිතයෙන් වැලකිය යුතු අතරම  බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතය අතතුරුදායක බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තද සුළඟින් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.