පු.ලි.දෙ සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් අද (27) සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

by Staff Writer . 27-03-2026 | 9:05 AM

COLOMBO (News 1st) - අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඊයේ(26) පස්වරුවේ  සිදු වූ හදිසි බිඳවැටීමකි.

එම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 24 වැනිදා ද පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටිමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට සිදුවිය.