මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී කොටු

රුපියල් විසි කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී රේගු භාරයට

by Staff Writer . 28-03-2026 | 11:30 AM

COLOMBO (News1st): රුපියල් විසි කෝටි හතළිස් පන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේදී  රේගු භාරයට ගෙන තිබේ.

රේගුව පැවසුවේ, ගුවන් භාණ්ඩ ආනයන පර්යන්තයේ භාණ්ඩ පරීක්ෂණ අංගනයේ සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සමග මත්පෙති තොගය අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සිංගප්පුරුවේ සිට රැගෙන ආ පෙට්ටියක් තුළ සඟවා තිබියදී මත්පෙති තොගය සොයාගෙන තිබේ.

මේ අතර රුපියල් තිස් ලක්ෂ තිස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ  පානදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකුද කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.