.webp)

එහි අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ , මෙම තත්ත්වය මැයි මාසය අවසන් වනතුරු පැවතිය හැකි බවයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරු මැද පළාත් වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම, අදත් අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට, දැනුම් දෙයි.
