.webp)
-613440.jpg)
ඔහු මේ බව පැවසූවේ, ඊයේ (29) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී, සෞදි අරාබිය, තුර්කිය සහ ඊජිප්තුව යන රටවල් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
කෙසේ නමුත් පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් ඇමරිකාව හෝ ඉරානය නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කර නොමැත.
ඊයේ පාකිස්ථානයේ විදේශ අමාත්‍ය සහ එරට උප අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන ඉෂාක් ධාර් සමගින් තුර්කියේ විදේශ අමාත්‍ය හකන් ෆිදාන්,, සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් සහ ඊජිප්තුවේ විදේශ අමාත්‍ය බදර් අබ්දෙලාටි මැද පෙරදිග ගැටුම් පිළිබඳ සාකච්ඡා සඳහා එක්විය.
පෙරේදා (28) පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා ඉරානයේ අබ්බාස් අරග්චි සමග දුරකථන සාකච්ඡාවක නිරත විය.
එම සාකච්ඡාවෙන් පසු දෙරට අතර විශ්වාසය වැඩි දියුණු කරගැනීමේ පියවරක් ලෙසින් දිනකට නෞකා දෙක බැගින්, පාකිස්ථාන ධජය යටතේ යාත්‍රා කෙරෙන නෞකා 20කට හෝමූස් තරණය කිරීමට ඉරානය අවසර දුන් බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා නිවේදනය කළේ ය.
