සිසුවෙකු බස් රථයක ගැටීමෙන් මරුට

සිසුවෙකු බස් රථයක ගැටීමෙන් මරුට

by Staff writer 02-04-2026 | 12:31 PM

COLOMBO (News 1st): පල්ලෙකැලේ බලගොල්ල ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසලක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

අනතුරින් තුවාල ලැබූ තවත් පාසල් සිසුවෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔවුන් අද(02) පෙරවරුවේ සිය යතුරු පැදියෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට යමින් සිටියදී අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.