.webp)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ, ඒ අනුව අද(04) දිනයේ දිවයින පුරා සියලුම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ, රජයේ වෛද්‍ය නිළධාරින් ඉල්ලා සිටින්නේ නම් සාකච්ඡාවකට සූදානම් බවයි
සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ, කිරීමට නොහැකි දේ සම්බන්ධයෙන් පොරොන්දු ලබාදිමට හැකියාවක් නොමැති බවයි.
ස්ථාන මාරු ක්‍රියාවලියට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේද සංකේත වැඩ වර්ජනයක නිරත විය.
