උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ..

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ..

by Staff writer 09-04-2026 | 7:16 AM

COLOMBO(News1st) - උතුරු මාර්ගයේ, කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය, අද(09) දින සිට යළි ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති බවයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එම දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවිය.

උදෑසන 5.15ට, ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා සහ පස්වරු 1.5 ට කන්කසන්තුරෙයි සිට ගල්කිස්ස බලා ධාවනය වන දුම්රියවල ආසන වෙන් කිරීමේ පහසුකම ද සළසා තිබේ.