සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට හෝරා කිහිපයයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් හෝරා කිහිපයයි

by Staff writer 14-04-2026 | 7:16 AM

COLOMBO (News 1st) - සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, පුණ්‍ය කාලය හෙවත් නොනගතය අද (14) පූර්වභාග 03.08 ට උදාවිය.

පුණ්‍ය කාලය අවසන් වන්නේ, අපරභාග 03.56 ටයි.

පුන්‍ය කාලයේදී  සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන බව ජ්‍යෝතිෂයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වූයේ පුණ්‍ය කාලයේ අපර කොටසේදී ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසු වන බවයි.

අද පූර්වභාග 09.32 ට සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවේ.

අලුත් අවුරුදු උදාව ලෙස හඳුන්වන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමයි.

ආහාර පීසීමේ නැකත යෙදී ඇත්තේ අද පූර්වභාග10.51ට.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දීසාව බලා ලිප් බැද ගිනි මොළවා කිරිබත්ද, කැවිලි වර්ගයක්ද, දී කිරි සහ විළද ද පිළියෙල කර ගැනීම සිදු කළ යුතු බව ජ්‍යෝතිෂයේ සඳහන්.

පවුලේ සියලු දෙනාගේ සාමූහිකත්වය සහ පාරම්පරික සිරිත් විරිත් ආරක්ෂා කිරීමින් කිරි ඉතිරවීම හරහා ඉදිරි වසර සාර්ථක හා සෞභාග්‍යමත් කරගැනීම ප්‍රධාන අරමුණයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව නැකත අද අපරභාග 12.06 ට යෙදී ඇත.
රක්ත වර්ණ වස්ත්‍රාභාරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්.