ගල් අඟුරු සම්බන්ධ විමර්ශනයට ජනාධිපති කොමිසමක්

ගල් අඟුරු සම්බන්ධ විමර්ශනයට ජනාධිපති කොමිසමක්

by Staff writer 17-04-2026 | 1:10 PM

COLOMBO(News1st) - මෙරට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කොමිසම පත් කර ඇත්තේ 1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 වන වගන්තියේ විධිවිධාන අනුවයි

මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නත් පත් කර තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේනයි.

මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සීමාසහිත ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මගින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම එකී කොමිසමේ ප්‍රධාන කර්යය වේ.