.webp)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක මුදලක් ගෙවන බවට වන වාර්තා, සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීමේ අරමුණෙන් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ බවයි.
උපුටා ගැනීම....
''ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙනෙනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද පිරිපහදුව සඳහා පමණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ, කිසිදු බොරතෙල් තොගයක, බැරලයක් සඳහා ඇමරිකානු ඩොලර් 286ක මුදලක් ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැත. මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු පැමිණෙන බොරතෙල් නෞකා සඳහා දළ වශයෙන් බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 ලෙස ගෙවීමට පොරොන්දුවී ඇති අතර, එය දැනට ලෝක වෙළෙඳපොළේ ඇති මිලට සාපේක්ෂව ඉතා වාසිදායක අගයක් වේ.''
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
