.webp)

ඒ "මිඩ්නයිට් හැමර්" මෙහෙයුමේදී විනාශ වී භූගතව යටපත් වී ඇති ඉරානයේ යුරේනියම් සංචිත ගොඩගැනීම දීර්ඝ සහ දුෂ්කර ක්‍රියාවලියක් වනු ඇති බව පවසමින්..
පසුගිය වසරේ ජූනි මාසයේදී, ෆෝඩෝ සහ ඉස්ෆහාන් ඇතුළු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින්, අමෙරිකානු ගුවන් යානා 125ක් දියත් කළ ප්‍රහාර මාලාව "මිඩ්නයිට් හැමර්" ලෙස හැඳින්වේ.
එහිදී ඉරානයේ න්‍යෂ්ටික අවි නිපදවීමේ ශක්තිය සම්පුර්ණයෙන්ම විනාශ කර දැමූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එවක නිවේදනය කළේ ය.
කෙසේ නමුත් ඉරානයේ න්‍යෂ්ටික අවි නිපදවීමේ ශක්තිය එලෙස විනාශ කර දැමුවේ නම්, අමෙරිකාව පෙබරවාරි 28 වැනිදා යලි ඉරානයට පහර දුන්නේ මන්දැයි විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් සිටියි.
එවැනි පසුබිමක යුරේනියම් සංචිත පිළිබඳව ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බවට CNN ඇතුළු මාධ්‍ය ආයතවලට චෝදනා කරමින් ට්‍රම්ප් ටෘත් පණිවුඩයක් නිකුත් කර තිබේ.
