සාමයේ දූපතට - සාමයේ පාගමන අද සිව්වැනි දිනටත්.

දහස් ගණන් සැදැවතුන්ගේ ආදරය, ගෞරවය මැද සාමයේ දූපතට - සාමයේ පාගමන අද සිව්වැනි දිනටත්.

by Staff writer 25-04-2026 | 7:42 AM

COLOMBO(News1st) - සාමයේ දූපතට සාමයේ පාගමනේ සිව්වැනි දිනය අදයි.

අද(25) මාවනැල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන් ආරම්භ කෙරෙන පාගමන තෝලංගමුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය අද(25) දිනයේත් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබද ලෝකවාසීන්ගේ අවධානය යෙමු කිරීමේ අරමුණින් ය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.

සාමයේ දූපතට - සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවය ලබන 28 වැනිදා පස්වරුවේ නිදහස් චතුරස්‍රෙය්දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

අප්‍රේල් 28 කැළණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.

අනතුරුව නිදහස් චතුරස්‍රයේ සිට පෙරහරකින් සිරස මාධ්‍යජාලයේ මූලස්ථාන පරිශ්‍රය පසුකොට ගංගාරාමය විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාමයේ දූපතට සාමයේ පාගමන අවසන් වීමට නියමිතයි.